''මේ භූමිය අපේ මුතුන් මිත්තන්ගෙන් ණයට ගත්තක් මිස එයට මෙතෙක් කලක් නි සි ගෙවීමක් නොකළෙමු.දැන් වන්දි ගෙවීමට සූදානම් වෙමු.''-සියැටල්
Total Pageviews
Wednesday, November 17, 2010
e-ගම්මානේ අපේ ජීවිත
වසර 2500කට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන අප රට තුල අපටම අනන්‍ය වූ සංස්කෘතියක් පවතී.එම සංස්කෘතිය තුල ගමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.එයට මූලික හේතුව අප රටේ ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම පදනම්ව ඇත්තේ කෘෂිකර්මාන්තය මත බැවිනි.
e-ගම්මානය යන්නෙන් අදහස් වන්නේ පැරණි තාක්ෂණය සමග ඒකාබද්ධ වූ නව තාක්ෂණයෙන් සවිබල නැංවුණු ගම යන්නයි.එවන් ගම්මානයක් තුල අපේ අගනා සංස්කෘතිය නොනැසී සුරක්ෂිතව පවතී.තවද එම ගම තුල පරිසරය සුරැකීමටද සුවිශේෂී තැනක් හිමිවේ. එමෙන්ම ගම සීඝ්‍රයෙන් සංවර්ධනය වනු නොඅනුමානය.
ගම තුල ඇතිවන්නාවූ ගැටලු වලටද සාර්ථක මෙන්ම කඩිනම් විසඳුම් ලබාගැනීමටද මෙම e-ගම්මාන සංකල්පය මගින් අවස්ථාව උදාවේ.එවන් ගැටලු කීපයක් සඳහා යෝග්‍ය විය හැකි විසඳුම් මෙසේ දැක්විය හැක.
ගම තුල පවතින විවිධ අඩුපාඩු පිළිබඳ අදාල බලධාරීන් දැනුවත් කිරීම හා ගම්වැසියන්ට ඒ ගත හැකි ක්‍රියාමාර්ග අන්තර්ජාලය මගින් සොයා බැලීම.
ගම තුල ඇතිවිය හැකි හදිසි ආපදා තත්ව වලින් ඉන් මිදීම,ආපදාව සිදුවූ පසු අදාල අංශ දැනුවත් කිරීම හා එවිට අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අන්තර්ජාලය මගින් දැනුවත්වීම.
පරිසරයට හිතකර අයුරින් සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කල හැකි ආකාර පිළිබඳ අන්තර්ජාලය මගින් සොයා බැලීම.
ගමේ සංවර්ධනය සඳහා යොදාගත හැකි නව සංකල්ප පිළිබඳ අන්තර්ජාලය මගින් අධ්‍යයනය කිරීම.
තවද කෘෂිකර්මයේදීද නවීන තාක්ෂණය ඵලදායී ලෙස යොදාගත හැක.එවන් අවස්ථා කීපයක්මෙලෙස දක්වමු.
වගාවට සුදුසු බිමක් තෝරාගැනීමට චන්ද්‍රිකා තාක්ෂණය යොදාගැනීම.
වගාවට සුදුසු කාලය නිර්ණය කිරීමට චන්ද්‍රිකා තාක්ෂණය යොදාගැනීම.
වගාවට සුදුසු වැඩි ඵලදාවක් ගෙන දෙන බීජ වර්ග පිළිබඳ අන්තර්ජාලය මගින් අධ්‍යයනය කිරීම.
වගා කිරීමේදී අනුගමනය කල හැකි ඵලදාව වැඩි කරගත හැකි නව ක්‍රියාමාර්ග පිළිබඳ අන්තර්ජාලය මගින් අධ්‍යයනය කිරීම.
ඵලදාව අලෙවියට සුදුසු වෙළඳපොලවල් පිළිබඳ අන්තර්ජාලය මගින් අධ්‍යයනය කිරීම.
මින් අවබෝධ වනුයේ e-ගම්මාන සංකල්පය මගින් ගමද එමගින් රටද සීඝ්‍ර සංවර්ධනයකට යොමු කල හැකි බව නොවේද?එම සංවර්ධන කාර්යයට අත දීම අප සැමගේ යුතුකමක් නොවේද?ඒ සඳහා ඔබ සූදානම්ද?එසේ නම් නොවැ.19,20,21යන දින වලදී SLECCහිදී පැවැත්වෙන JAVA Sri Lanka 2010 ප්‍රදර්ශණයට පැමිණෙන්න.
එහි ඇති e-පරිසරය කුටියට ඇතුලුව වැඩිදුර විස්තර කතා කරමු!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment