Total Pageviews

Friday, November 12, 2010

පරිසරයේ හා අපේ ලබැඳියාව

පරිසරය යන්නෙන් අදහස් වන්නේ අප සැම වාසය කරන්නා වූ වටපිටාවයි.මාගේ අදහස නම් විශ්වයේ පවතින අපූර්වතම නිර්මාණය වන්නේ අප වෙසෙන පරිසරයයි.මෙවන් ජීවීන් හට හිතකර පරිසරයක් බිහි වීමට වසර මිලියන ගණනක් ගතව ඇති බව නූතන පර්යේෂණ වලින් සනාථව ඇත.ඉන් අදහස් වන්නේ එවන්පරිසරයක වෙසෙන අප මහත් භාග්‍යවන්තයින් බවයි.

එවන් පරිසරයක අනර්ඝතම නිමැවුම වන්නේ මනුෂ්‍ය වර්ගයයි.ඒ අප තුල පවතින අන් කිසිඳු සත්වයකු තුල නොපවතින්නා වූ අසමසම බුද්ධියයි.මෙවන් බුද්ධියකට උරුමකම් කියන මිනිසාගේ ක්‍රියකාරකම්ද ඊට සරිලන ලෙසම සිදුවිය යුතුය.එනම් පරිසර හිතකාමී විය යුතුය.මක් නිසාද යත් පරිසරය සහ මිනිසා තුල ඇත්තේ මවක හා දරුවකු අතර පවතින බැඳීමකි.

නමුත් වර්තමානයේ උදාවී ඇති ඛේදනීයම තත්වය වන්නේ දරුවා තමන් වැදූ මවට එරෙහිව කටයුතු කිරීමකි.එනම් බොහෝ මිනිස් ක්‍රියාකාරකම් පරිසරයට අහිතකර ලෙස සිදුවීමයි.මිනිසා කො
තරම් බුද්ධියෙන් උසස් වූවත් එවන් ක්‍රියාකාරකම් තිරිසන් සතුන් මගින් පවා සිදුනොවන්නකි.පරිසරය පිළිබඳ නොතකන මිනිස් වර්ගයා මෙලොවින් තුරන් වන දිනය වැඩි ඈතක නොවන බව මාගේ මතයයි.

එම මතය සනාථ කිරීමට සාධක මේ වන විටත් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.පරිසරයෙන් මිනිස් වර්ගයාට කෙරුණු අනතුරු හැඟවීමක් ලෙස 2004 ව
ර්ෂයේ සිදුවූ සුනාමි ඛේදවාචකය හැඳින්විය හැකිය.එහිදී විශාල පිරිසකට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.තවත් පිරිසකට තමන් ජීවිතය පුරා ඉපැයූ දේවල් අහිමි විය.එම සිදුවීමෙන් මුළු ලොවම ශෝකයෙන් ඇලලී යද්දී ගොඩටවිත් ගිය මහ සයුර පමණක් නිහඬව බලා සිටියේ කල වරදට සරිලන දඬුවම් ලබාදුන් ලෙසටය.

එම ව්‍යසනයට වසර සයක් ගෙවුණු පසුද අප තවමත් සිටින්නේ එම සිදුවීම පෙර සිටි අයුරින්මය.එනම් තවමත් පරිසරයට විවිධ අකටයුතුකම් සිදුකරමින්ය.ඉන් හැඟෙනුයේ අප තවමත් එම අනතුරු හැඟවීම වටහා නොගත් බවයි.

ඒ අනුව පෙනීයන්නේ අපට තවත් අනතුරු හැඟවීමක් ලඟදීම බලාපොරොත්තු විය හැකි බව නොවේද...?
එසේ සිදුවිය නොහැකි බවට දිය හැකි සහතිකය කුමක්ද?
එසේ නම් ඒ සඳහා අප දැනටමත් සූදානම්ද...?
නූතන ලෝකයේ පවතින දියුණු තාක්ෂණය මගින් ඒ සඳහා ඉක්මන් පිළියම් හඳුනාගෙන තිබේද...?
ඒවා මොනවාද...?

ඉහත සඳහන් සියලු ගැටලු සඳහා විධිමත්ව පිලිතුරු දැනගැනීමට නොවැ.19,20,21 යන දින වලදී
SLECCහිදී පැවැත්වෙන JAVA Sri Lanka 2010 ප්‍රදර්ශණයේ e-පරිසරය ප්‍රදර්ශණ කුටිය වෙත පැමිණෙන්න.පැමිණ පරිසරය සමඟ මඳක් දොඩමළු වන්න!

"පරිසරය අපගේ සතුරා නොව පරම මිතුරාය"

No comments:

Post a Comment