Total Pageviews

Thursday, November 18, 2010

නව ලොකයක නව සොයා ගැනීමක අවසාන මෙතරම් විනශයක ඇරඹුමක් වුයේ මන්ද?






අප අහිමි කරනුයේ අපගේ දරුවන්ගේ අයිතිය පමණක්මද ????




මෙයට වග කිවයුත්තා කවුරුන්ද??






අප සැමට උරුම කොන්ක්‍රීට් ලොව .....????


Wednesday, November 17, 2010

e-ගම්මානේ අපේ ජීවිත



වසර 2500කට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන අප රට තුල අපටම අනන්‍ය වූ සංස්කෘතියක් පවතී.එම සංස්කෘතිය තුල ගමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.එයට මූලික හේතුව අප රටේ ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම පදනම්ව ඇත්තේ කෘෂිකර්මාන්තය මත බැවිනි.

e-ගම්මානය යන්නෙන් අදහස් වන්නේ පැරණි තාක්ෂණය සමග ඒකාබද්ධ වූ නව තාක්ෂණයෙන් සවිබල නැංවුණු ගම යන්නයි.එවන් ගම්මානයක් තුල අපේ අගනා සංස්කෘතිය නොනැසී සුරක්ෂිතව පවතී.තවද එම ගම තුල පරිසරය සුරැකීමටද සුවිශේෂී තැනක් හිමිවේ. එමෙන්ම ගම සීඝ්‍රයෙන් සංවර්ධනය වනු නොඅනුමානය.

ගම තුල ඇතිවන්නාවූ ගැටලු වලටද සාර්ථක මෙන්ම කඩිනම් විසඳුම් ලබාගැනීමටද මෙම e-ගම්මාන සංකල්පය මගින් අවස්ථාව උදාවේ.එවන් ගැටලු කීපයක් සඳහා යෝග්‍ය විය හැකි විසඳුම් මෙසේ දැක්විය හැක.
ගම තුල පවතින විවිධ අඩුපාඩු පිළිබඳ අදාල බලධාරීන් දැනුවත් කිරීම හා ගම්වැසියන්ට ඒ ගත හැකි ක්‍රියාමාර්ග අන්තර්ජාලය මගින් සොයා බැලීම.
ගම තුල ඇතිවිය හැකි හදිසි ආපදා තත්ව වලින් ඉන් මිදීම,ආපදාව සිදුවූ පසු අදාල අංශ දැනුවත් කිරීම හා එවිට අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග පිළිබඳ අන්තර්ජාලය මගින් දැනුවත්වීම.
පරිසරයට හිත
කර අයුරින් සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කල හැකි ආකාර පිළිබඳ අන්තර්ජාලය මගින් සොයා බැලීම.
ගමේ සංවර්ධනය සඳහා යොදාගත හැකි නව සංකල්ප පිළිබඳ අන්තර්ජාලය මගින් අධ්‍යයනය කිරීම.

තවද කෘෂිකර්මයේදීද නවීන තාක්ෂණය ඵලදායී ලෙස යොදාගත හැක.එවන් අවස්ථා කීපයක්මෙලෙස දක්වමු.
වගාවට සුදුසු බිමක් තෝරාගැනීමට චන්ද්‍රිකා තාක්ෂණය යොදාගැනීම.
වගාවට සුදුසු කාලය නිර්ණය කිරීමට චන්ද්‍රිකා තාක්ෂණය යොදාගැනීම.
වගාවට සුදුසු වැඩි ඵලදාවක් ගෙන දෙන බීජ වර්ග පිළිබඳ අන්තර්ජාලය මගින් අධ්‍යයනය කිරීම.
වගා කිරීමේදී අනුගමනය කල හැකි ඵලදාව වැඩි කරගත හැකි නව ක්‍රියාමාර්ග පිළිබඳ අන්තර්ජාලය මගින් අධ්‍යයනය කිරීම.
ඵලදාව අලෙවියට සුදුසු වෙළඳපොලවල් පිළිබඳ අන්තර්ජාලය මගින් අධ්‍යයනය කිරීම.

මින් අවබෝධ වනුයේ e-ගම්මාන සංකල්පය මගින් ගමද එමගින් රටද සීඝ්‍ර සංවර්ධනයකට යොමු කල හැකි බව නොවේද?එම සංවර්ධන කාර්යයට අත දීම අප සැමගේ යුතුකමක් නොවේද?ඒ සඳහා ඔබ සූදානම්ද?එසේ නම් නොවැ.19,20,21යන දින වලදී SLECCහිදී පැවැත්වෙන JAVA Sri Lanka 2010 ප්‍රදර්ශණයට පැමිණෙන්න.

එහි ඇති e-පරිසරය කුටියට ඇතුලුව වැඩිදුර විස්තර කතා කරමු!

Monday, November 15, 2010

ලොවම හඳුනන අපේ සිස්කම් විස්කම්!!!




තමාගේම පැවෙත්ම තමාම නැති කරගන්නා තවත් සත්ව ප්‍රජාවක් දැක තිබේද?
නමින් ඔවුන් මිනිසුන්ය..
මිහිපිට සිටිනා උගතුන්ය.. බුද්ධිමතුන්ය...
නොබෝදිනක මිනිසාද මෙසේ වැතිරෙනු නොඅනුමානය...

Friday, November 12, 2010

පරිසරයේ හා අපේ ලබැඳියාව

පරිසරය යන්නෙන් අදහස් වන්නේ අප සැම වාසය කරන්නා වූ වටපිටාවයි.මාගේ අදහස නම් විශ්වයේ පවතින අපූර්වතම නිර්මාණය වන්නේ අප වෙසෙන පරිසරයයි.මෙවන් ජීවීන් හට හිතකර පරිසරයක් බිහි වීමට වසර මිලියන ගණනක් ගතව ඇති බව නූතන පර්යේෂණ වලින් සනාථව ඇත.ඉන් අදහස් වන්නේ එවන්පරිසරයක වෙසෙන අප මහත් භාග්‍යවන්තයින් බවයි.

එවන් පරිසරයක අනර්ඝතම නිමැවුම වන්නේ මනුෂ්‍ය වර්ගයයි.ඒ අප තුල පවතින අන් කිසිඳු සත්වයකු තුල නොපවතින්නා වූ අසමසම බුද්ධියයි.මෙවන් බුද්ධියකට උරුමකම් කියන මිනිසාගේ ක්‍රියකාරකම්ද ඊට සරිලන ලෙසම සිදුවිය යුතුය.එනම් පරිසර හිතකාමී විය යුතුය.මක් නිසාද යත් පරිසරය සහ මිනිසා තුල ඇත්තේ මවක හා දරුවකු අතර පවතින බැඳීමකි.

නමුත් වර්තමානයේ උදාවී ඇති ඛේදනීයම තත්වය වන්නේ දරුවා තමන් වැදූ මවට එරෙහිව කටයුතු කිරීමකි.එනම් බොහෝ මිනිස් ක්‍රියාකාරකම් පරිසරයට අහිතකර ලෙස සිදුවීමයි.මිනිසා කො
තරම් බුද්ධියෙන් උසස් වූවත් එවන් ක්‍රියාකාරකම් තිරිසන් සතුන් මගින් පවා සිදුනොවන්නකි.පරිසරය පිළිබඳ නොතකන මිනිස් වර්ගයා මෙලොවින් තුරන් වන දිනය වැඩි ඈතක නොවන බව මාගේ මතයයි.

එම මතය සනාථ කිරීමට සාධක මේ වන විටත් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.පරිසරයෙන් මිනිස් වර්ගයාට කෙරුණු අනතුරු හැඟවීමක් ලෙස 2004 ව
ර්ෂයේ සිදුවූ සුනාමි ඛේදවාචකය හැඳින්විය හැකිය.එහිදී විශාල පිරිසකට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.තවත් පිරිසකට තමන් ජීවිතය පුරා ඉපැයූ දේවල් අහිමි විය.එම සිදුවීමෙන් මුළු ලොවම ශෝකයෙන් ඇලලී යද්දී ගොඩටවිත් ගිය මහ සයුර පමණක් නිහඬව බලා සිටියේ කල වරදට සරිලන දඬුවම් ලබාදුන් ලෙසටය.

එම ව්‍යසනයට වසර සයක් ගෙවුණු පසුද අප තවමත් සිටින්නේ එම සිදුවීම පෙර සිටි අයුරින්මය.එනම් තවමත් පරිසරයට විවිධ අකටයුතුකම් සිදුකරමින්ය.ඉන් හැඟෙනුයේ අප තවමත් එම අනතුරු හැඟවීම වටහා නොගත් බවයි.

ඒ අනුව පෙනීයන්නේ අපට තවත් අනතුරු හැඟවීමක් ලඟදීම බලාපොරොත්තු විය හැකි බව නොවේද...?
එසේ සිදුවිය නොහැකි බවට දිය හැකි සහතිකය කුමක්ද?
එසේ නම් ඒ සඳහා අප දැනටමත් සූදානම්ද...?
නූතන ලෝකයේ පවතින දියුණු තාක්ෂණය මගින් ඒ සඳහා ඉක්මන් පිළියම් හඳුනාගෙන තිබේද...?
ඒවා මොනවාද...?

ඉහත සඳහන් සියලු ගැටලු සඳහා විධිමත්ව පිලිතුරු දැනගැනීමට නොවැ.19,20,21 යන දින වලදී
SLECCහිදී පැවැත්වෙන JAVA Sri Lanka 2010 ප්‍රදර්ශණයේ e-පරිසරය ප්‍රදර්ශණ කුටිය වෙත පැමිණෙන්න.පැමිණ පරිසරය සමඟ මඳක් දොඩමළු වන්න!

"පරිසරය අපගේ සතුරා නොව පරම මිතුරාය"

Thursday, November 11, 2010

පරිසරයේ හායනය


පෘතුවිය එහි මතුපිට පෘෂ්ඨයෙන් 75% ක් පමණ ජලයෙන් වැසුනු,ජලය සහිත ග්‍රහලොවක් ලෙස හැඳින්වුව ද පෘතුවියේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා ඇති ජල ප්‍රමාණය ඉතාමත් අඩුවේ.
පෘථිවිය ඇති මුළු ජල ප්‍රමාණයෙන් 97% ක් ම සාගරවල ඇති ලවණ සහිත කරදියයි.ඉතිරි 3% පමණ මිරිදියෙන් වැඩි කොටස ධ්‍රැවවල අයිස් හා ග්ලැසියර ලෙස ඇත.මේ අනුව මිනාසාගේ ප්‍රයෝජනයට ගත හැක්කේ පෘථිවියේ ඇති මුළු ජල ප්‍රමාණයෙන් 0.003% ප්‍රමාණයක් පමණකි.මෙම ජල ප්‍රමාණයද ලෝකයේ සෑම ප්‍රදේශයකම සමානව ව්‍යාප්ත වී නැත.ඇතම් ප්‍රදේශවල ජල හිඟයක් පවතී...

එක් එක් අවධිවලදී මිනිසා විසින් සිදු කල පාරසරික බලපෑම

දඩයක්කාර-ආහාර රැස් කරන අවධිය

01.තැනින් තැන ඇවිදන බැවින් ජීවන තත්වය තිරසාරවිය.
02.අවශ්‍යයතා සරල බැවින් පරිසරහානිය අඩුය.
03.ස්භාවික නොවන ද්‍රව්‍යය පරිසරයට එකතුවීමක් නොවීය.
04.ගින්දර භාවිතය නිසා සුළු පරිසර හානියක් සිදුවිය.

කෘෂිකාර්මික විප්ලවය

එඬේර යුගයේදී ගවරංචු තණකොළ උලා කෑම නිසා පාංශු ඛාදනය සහ භූමි හායනයවිය.වනාන්තර විනාශ විය,ජීවී විශේෂ විනාශ විය.

කෘෂිකාර්මික විප්ලවය

එඬේර යුගයේදී ගවරංචු තණකොළ උලා කෑම නිසා පාංශු ඛාදනය සහ භූමි හායනයවිය.වනාන්තර විනාශ විය,ජීවී විශේෂ විනාශ විය.

කාර්මික විප්ලවය
(කර්මාන්ත ඇතිවීමත් සමඟ සමාජයේ ඇතිවූ විප්ලවීය වෙනස මෙසේ හැඳින්වේ)

01.වායු ,භූමි හා ජලය දූෂණය වීයාම.
02.ස්භාවික සම්පත් විනාශවී යාම.
03.CFC නිසා ඕසෝන් වියන ක්ෂයවීයාම.
04.කාබන්ඩයොක්සයිඩ් නිසා හරිතාගාර ආචරණය.
05.අන්තරායක අපද්‍රව්‍ය එක් රැස්වීම.
06.SO2,NO2 නිසා අම්ල වැසි ඇතිවීම

Wednesday, November 10, 2010

Environmental Sustainability

පරිසර පද්ධතියක් යනු


පරිසර පද්ධතියක් යනු ජීවී ප්‍රජා සහ අජීවී සංඝටක වලින් සෑදුණු ජීවීන් එකිනෙකා අතරත් ජීවීන් සහ අජීවීන් අතරත් අන්‍යේන්‍ය අන්තර් ක්‍රියා සහිත ගතික ක්‍රියාකාරී ඒකකයකි.

එහි සජීවී සංඝටක වලට අයත් වන්නේ...
පෘථිවියේ ජීවත් සියුලුම ශාක,සතුන් හා ක්ෂුද්‍ර ජීවීන් ය.

අජීවී සංඝටක වලට අයත් වන්නේ...
ශිලා ගෝලය ජල ගෝලය හා වායුගෝල

අප e-පරිසරය තුලින් බලාපොරොත්තු වන්නේ මෙම සංඝටකයන්හි සිදුවෙමින් පවතින හා සිදුවීමට නියමිත වෙනස්කම් එසැණින් ඔබවෙත ලාබාදීමටයි